ඉංජිනේරු පීඨ ,තාක්ෂණික පීඨ ,වෛද්‍ය පීඨ , ශ්‍රාස්ත පීඨ ,පාසල් , ආදී සෑම ක්ෂේතයක්ම නියෝජනය කරමින් අප පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද සිසු සිසුවියන් අප වෙත ඉදිරිපත් කරන ලද අදහස් කිහිපයක් මෙසේ ඔබ හමුවේ තබන්නෙමු .

සාර්ථක වීමට කෙටි හා සරල මං නොමැති බවත් ඒ සදහා ඇත්තේ උනන්දුව හා කැපවීම පමණක් බවත් පසක් කල ඔබ සැමට සුභ පැතුම්

"

ඩිජිටල්කරණයවෙන ලෝකයේ තරගකරුවන් වෙන්න, මුදල් උපයන්න හෝ අත්දැකීම් එකතු කරන්න ඔබ හීන මවනවනම් ඒ හීනය යථාර්ථයක් කරගන්න වෙබ් සයුර ඔබට හරි මග පෙන්වන බව නිසැකයි

J.M.T සදමාලි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය

"

වෙබ් ඩිසයින් ඉගෙන ගන්න ආසාවෙන් හිටපු මට ඒ හීනයට පාර කිව්වේ වෙබ් සයුර ඔබය. අපව ඉතා අනර්ඝ වෙබ් අඩවි නිර්මාණකරුවන් බවට පත් කළ වෙබ් සයුර ඔබට ස්තූතියි.

හිරුනි s .ජයමිණි

තාක්ෂණ විශ්වවිද්‍යාලය
ඉංජිනේරු පිඨය

"

සෑම සිසුවෙකුටම එක හා සමානව අවදානය  යොමුකරන නිසා ඇතිවූ ගැටළු සියල්ල ඒ වෙලාවේම විසදගන්න මට පුළුවන් වුනා .ඉතා කෙටි කාලයකින් පාඨමාලව අවසන් කරන විට එම ගෙවූ මුදලට වඩා පාඨමාලවේ වටිනාකම ඉතා වැඩි බව මට වැටහුණා.වෙබ් සයුරට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා .

W .M .H .T .දේශප්‍රිය

නැගෙනහිර විශ්වවිද්‍යාලය
භෞතික විද්‍යා අංශය

"

එක එක්කෙනාගේ අඩුපාඩු වලට වෙන වෙනම අවධානය යොමු කරමින් ඉතා සරලව පැහැදිලි කරලා දුන්න නිසා තේරුම් ගන්න පහසු වුණා .ඒ සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙනගත්තා .ඒ සදහා web sayurata ගොඩක් ස්තුතිවන්ත වෙනවා.web design ඉගෙනගැනීමට හොදම පාඨමාලාව web sayura කියලා කියන්න පුළුවන් .

H .M .ගැයුමි ශ්‍රිසාර

රුහුණු විශ්වවිද්‍යාලය
ඉංජිනේරු පිඨය

"

මගේ හිතේ තිබුණ ලොකු හීනයක් , කවදාහරි මගේම කියල වෙබ් පිටුවක් හදන්න. ඉතින් ඒ හීනෙට යන්න මට අත දුන්නේ වෙබ් සයුර .වෙබ් සයුරට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.මට දැන් කිසිම චකිතයක් නැතුව කියන්න පුළුවන් ලංකාවේ තියෙන හොදම වෙබ් ඩිසයින් පාඨමාලව තියෙන්නේ වෙබ් සයුරේ කියල.

R .M .S .රත්නායක

රුහුණු විශ්වවිද්‍යාලය
තාක්ෂණ පිඨය

"

වෙබ් සයිට් එකක් හදන එක මගේ හිතේ තිබුණු එක ආසාවක්. දැන් ඒක මට ලේසියෙන් තනියම කරගන්න පුළුවන්.මේ තැනට එන්න පුළුවන් වුණේ වෙබ් සයුර පාඨමාලාව නිසා තමයි. ඉතින් මේ පාඨමාලාවේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

P.D.W.P.වික්‍රමසිංහ

නැගෙනහිර විශ්වවිද්‍යාලය
ව්‍යවහාරික විද්‍යා පීඨය

"

වෙබ් සයුරේ ගතකරපු කාලය පොඩි කාලයක්  දවසින් දවස අලුත් දේවල් ඉගෙන ගන්නකොට පුදුම සතුටක් දැනුණේ.ඒ නිසා ආසවෙන් ඒ දේවල් ඉගෙන ගත්තා.වෙබ් සයුර නිසා තමයි අපිට අපේම කියල වෙබ් පිටුවක් හදන්න පුළුවන් වුණේ .දිනෙන් දින අලුත් වෙන තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්නනම් අපිට වෙබ් සයුර ගොඩක් උදවු වේවි.

H .M .දේශානි තරුෂිකා.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
තාක්ෂණික පීඨය .

"

Web design course  ඕනි තරම් තියෙන කාලෙක වෙබ් සයුර කියන්නේ සම්ප්‍රදාය ඉක්මවා ගිය, සිසුන්ගේ අවශ්‍යතාවය මතම කටයුතු කරන, සිසුන්ට අංග සම්පූර්ණ Web design පාඨමාලාවක් ලබාදෙන තෝතැන්නක් බවට පත් වෙලා ඉතාම කෙටිකාලයක් තුලදී. 

P.G.G.D.පියුමාලි

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය
ඉංජිනේරු පීඨය .

"

මාස 2 ටත් වඩා අඩු කාලයකදී web design ගැන පරතෙරටම දැනුමක් ලබාගන්න පුළුවන් එකම පාඨමාලාව “Web  Sayura ” කියල ඉතාමත් විශ්වාසයෙන් කියන්න පුළුවන්. දවසින් දවස අප විසින්ම නිර්මාණය කරපු Web Sites දැකලා අපිම පුදුම වුණා .I wish you all the best for the future and thank you so much Web Sayura .

K .H .P .නමෂා සිල්වා

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය
ඉංජිනේරු පීඨය .

"
වෙබ් සයිට් නිර්මාණය කරන්න ආසාවෙන්  ඉන්න ඕනම කෙනෙකුට ඉතා විශ්වාසයෙන් වෙබ් සයුරට එකතු වෙන්න පුළුවන් මොකද ඉතා කෙටිකාලයක් තුල උසස් ප්‍රමිතියෙන් යුත් වෙබ් සයිට් එකක් හදන්න උගන්වන හොදම පාඨමාලාව වෙබ් සයුරම තමයි. තව දීර්ඝ කාලයක් මම වගේ සිය දහසක් දෙනාට වෙබ් සයුරෙන් එතෙර වන්නට අවස්ථාව ලැබේවා. වෙබ් සයුරට ජය.
 

R.M.M.K. රන්දෙනි

මො/දුටුගැමුණු ජාතික පාසල බුත්තල

"
අහබු ලෙස හරි මෙම පාඨමාලාවට සම්භන්ද වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා ,මොකද පාඨමාලාව අවසානයේදී මගේම වෙබ්සයිට් එකක් තනියම නිර්මාණය කරගැනීමට මට හැකියාව තියෙනවා.අපට ඒ තැනට එන්න හැකියාව ලැබුනේ වෙබ්සයුර නිසා.ඉතින් වෙබ්ඩ්සයින් ඉගෙන ගැනීමට හොදම පාඨමාලාව වෙබ්සයුර කියලා අපට කියන්න පුළුවන් .

K .M .දිලිනි ඉමේෂා

මොරටුව විශ්වද්‍යලය
තොරතුරු තාක්ෂණික පීඨය .

"
මම මීට පෙරද වෙබ් ඩිප්ලෝමා පාඨමාලාවකට සහභාගී වී තිබුණද එහිදී පැන නැගී තිබූ ගැටලු රාශියකට පිලිතුරු සොයා ගැනීමට මෙම පාඨමාලාව තුලින් ඉඩ ලැබිණි. තවත් මෙවැනි සිසු පිරිසක් බිහි කිරීම උදෙසා වෙබ් සයුර ආයතනයටත් එහි ගුරු මඩුල්ලටත් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා යැයි අපි සුභ ප්‍රාර්ථනා කරන්නෙමු.

U.C.T පෙරේරා

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය
ඉංජිනේරු පීඨය .

"
වෙබ් සයුර ලංකාව තුල වෙබ් පිටු නිර්මාණය කිරීමට පවතින  පාඨමාලා අතරින් පළමු තැනට එන බව මම මෙම පාඨමාලාව හැදෑරීම නිසා අනිවාර්යයෙන්ම දන්නවා. සුභ පතනවා මෙවැනි වටිනා හා අවම පිරිවැයකින් පරිපූර්ණ දැනුමක් ලබාදෙන පාඨමාලාවක් වන වෙබ් සයුර ඉදිරියෙන් ඉදිරියටම ගිහින් ලංකාවේ වගේම ලෝකේම වටිනා පාඨමාලාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
 

R.D.N.I.සෙව්වන්දි

රුහුණු විශ්වවිද්‍යාලය
කළමනාකරණ හා මූල්‍ය පීඨය

"
මුලින්ම පාඨමාලාවට සම්බන්ධ වෙද්දී මට ඒ පිලිබදව පැහැදිලි අදහසක් තිබුනේ නෑ .නමුත් පාඨමාලාව අවසන් වනවිට මගේම කියල වෙබ්සයිට් වගේම තවත් බොහෝ කරුණු ඉගෙන ගැනීමට මට අවස්ථාව ලැබුණා.මී අයුරින් අපට විශාල දැනුම් සම්භාරයක් ලබාදීම පිලිබදව මම වෙබ්සයුරට බොහොම ස්තුතිවන්ත වන අතර වෙබ්සයුරේ ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගැනීමට හැකිවේව යැයි මම ප්‍රර්ථනා කරනවා.
 

R .M .P .මලීෂා

මො / දුටුගැමුණු ජාතික පාසල

"
පළමු කණ්ඩායම නිර්මාණය කළ වෙබ්සයිට් නිර්මාණ දැකීමෙන් පසු මටත් මෙවැනි නිර්මාණ කිරීමට ආසාවක් ඇතිවුනා සහ මගේ හීනයක් තිබුණා මගේම කියල කියල වෙබ්සයිට් නිර්මාණය කිරීමට ඉතින් මෙම පාඨමාලාවට සම්භන්ද වීමෙන් මට මගේ හීනයට ලගවෙන්න පුළුවන් වුණා .

K .D .H .C .නිර්මාණි ද සිල්වා

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය ඉංජිනෙරු පීඨය

"
මගේම කියලා වෙබ්සයිට් එකක් නිර්මාණය කරන එක මගේ තිබුණු ලොකු හීනයක්. “වෙබ් සයුර” මගේ ඒ හීනය සැබෑ කරපු එකම නවාතැන්පොළ. මගේ ඒ හීනය සැබෑ කරපු, එතනින් එහාට ඒ මාවතේ යන හැටි උගන්නපු වෙබ් සයුරට මම නැවත වාරයක් මගේ ස්තූතිය පුද කර සිටිනවා.

A.M.සේනාධීර

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය ඉංජිනෙරු පීඨය

"
ඇත්තටම වෙබ් සයුර පාඨමාලාව මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කරා. හීනියට හිතන්නේ නැතිව ඉදිරියටම යන්න, ජීවිතය ජය ගන්නට වෙබ් සයුර කියන්නේ හොදම මාර්ගයක්. අපිට අපේ හීන වලට යන්න නැණ නුවණ පාදමින් අත හිත දුන් සේම ඉදිරියටත් අපි වගේ විශාල සිසුන් ප්‍රමාණයකට නැණ නුවණ පාදන්නට වෙබ් සයුරට ශක්තියක්, ධෛර්යයක් ලැබේවා ‘ යි ප්‍රාර්ථනා කරනවා.

M.S.සංජානා

හලා/ මාරවල ශු.පවුලේ බාලිකා ම.ම.විද්‍යාලය

"
මාස කිහිපයක් තුළ අපි ලබාගත් දැනුම් සම්බාරය අති මහත්ය. ලබා දුන් සේවාව වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. ඔබ වගේ ගුරුවරු අපේ සමාජයට ආදර්ශයක් මෙන්ම වාසනාවකි. ඔබේ “වෙබ් සයුර”  පුංචි මුතු කැටයක් වැනි දිවයින තුළ දිනෙන් දින බැබලේවා කියා මම ප්‍රාර්ථනා කරමි.
 

ඉශාමා පායෝ

ආවේ මරියා කන්‍යාරාමය මීගමුව

"
Web Designing පිළිබද කිසිදු දැනුමක් නොමැති අයෙකුට වුවත් වෙබ් පිටු නිර්මාණය කිරීමේ හැකියාව Web Sayura තුළින ලැබෙනවා කියලා මගේ අත්දැකීමෙන් මට කියන්නන පුළුවන්.Web Sayura මට ලබාදුන් ජීවිත අත්වැලට ස්තූතිවන්ත වෙනවා වගේම Web Sayura ඉදිරිමග තව තවත් සාර්ථක වේවා යැයි මම ප්‍රර්ථනා කරනවා .

W .M .දිලේකා හෂිණි වීරසිංහ

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය
රුහුණු විශ්වවිද්‍යාලය

Get Start

Web design & Development Techniques පාඨමාලාව සදහා සිසුන් ලියාපදිංචිය ආරම්භ කර ඇත.සීමිත සිසුන් ප්‍රමාණයක් බදවාගනු ලබන බැවින් ඔබේ අසුන දැන්ම වෙන්කරවා ගන්න.